ආයුබෝවන්!

ආදරණීය දුවේ, පුතේ,

පිටබැද්දර ද්විතියික පාසලේ නිල Blog අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!

Covid 19 ගෝලීය වසංගත තත්වය හේතුවෙන් ඔබට ලැබී ඇති දීර්ඝ නිවාඩුව වඩාත් ඵලදායී ලෙස ගත කිරීමට මෙම blog අඩවිය ප්‍රයෝජනයට ගන්න. ඔබ ඉගෙනුම ලබන ශ්‍රේණියට සහ විෂයයන්ට අදාළ සටහන්, පැවරුම්, ප්‍රශ්න පත්‍ර ආදිය මෙහි අන්තර්ගත කර ඇත. 

ඉහතින් ඇති SELECT GRADE මත click කර ඔබ ඉගෙනුම ලබන ශ්‍රේණිය තෝරාගන්න.
එම ශ්‍රේණියට අදාළ එක් එක් විෂය යටතේ ඇති සටහන්, පැවරුම්, ප්‍රශ්න පත්‍ර ආදිය මත click කිරීමෙන් ඔබට ඒවා බලා ගත හැකි වේ. Download කර ගැනීමට අවශ්‍ය නම් Download අයිකනය මත click කරන්න. 

මේ පිළිබඳව ඔබේ පංතියේ යහළු යෙහෙළියන් මෙන්ම අනෙකුත් ශ්‍රේණි වල ඉගෙනුම ලබන සහෝදර සහෝදරියන් ද දැනුවත් කරන්න. මේ වෙත ප්‍රවේශ වීමට අපහසුතා ඇති ඔබේම සහෝදර සහෝදරියන්ට ඔබට හැකි අයුරින් සහාය වන්න. මෙහි ඇති අන්තර්ගතයන් පාසල් මුරකුටියෙන් ලබා ගැනීමට ද හැකි බව ඔවුන්ට දැනුම් දෙන්න. 

මේ සඳහා තම කාලය, ශ්‍රමය කැප කරමින් සම්පත් දායකත්වය සැපයූ සියලුම ගුරු මහත්ම මහත්මීන්ට පාසලේ ගෞරවනීය ස්තුතිය පුද කරන්නෙමු.

Comments

  1. මේ වැඩේ ගොඩක් හොඳට කරල තියෙනවා. ආඩම්බරයි අපේ පාසල ගැන. අපේ දරුවන්ට මම සුබ පතනවා.

    සමුදුර සර්

    ReplyDelete

Post a Comment